දරුවන්ට යහපත් අනාගතයක් අපේක්ෂා කරන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් රට භාරදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඒ වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට ඉදිරියේ ජනතාවට අවස්ථාව ලැබෙන බවයි ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ද කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැමුන් එල්ල කරන චෝදනාවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී හෙළි කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ කියා සිටියා.