Friday, February 28, 2025

General line - 0115112241

සංචාරක ස්ථාන පෞද්ගලීකරණය කරන්නැයි ඉල්ලීමක්

තිසර සමල් සෝමරත්න



මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකරණය කළ යුතු බව නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ සංචාරක ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් මුදල් අයකළ ද ඔවුන්ට නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් එම ස්ථාන පෞද්ගලිකරණය කළ යුතු බවයි.