up Date
නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්.
අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද වැඩි දුරටත් පොලීසිය සඳහන් කර සිටියේ .