Sunday, March 30, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකික ගුවන් මගියාගේ රන් භාණ්ඩ සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජේ ජේයකුමාර්



ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික මගියෙකුගේ ගමන් බෑගයේ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය දියමන්ති අල්ලන ලද මුදු දෙකක්, රන්මාලයක්, රන් මුදුවක්, අත් ඔරලෝසුවක්. පෙන්ඩනයක්, ඇතුළු රුපියල් ලක්ෂ 11 ට අධික භාණ්ඩ සැකකරු විසින් සොරා ගෙන ඇති බවට හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසියට පැමිණිලි කර තිබුණා.

පැමිණිලිකාර ශ්‍රී ලාංකිකයා සහ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා එකම ගුවන් යානයෙන් අබුඩාබි සිට දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකික ගුවන් මගියා කරන ලද පැමිණිල්ලට අනුව සියලු  ගුවන් මඟීන් පරීක්ෂාවට ලක් කිරීමේ දී සැකකාර චීන ජාතිකයන් දෙදෙනා සතුව තිබේ මෙම භාණ්ඩ සොයාගෙන තිබෙනවා.