2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට වාර්ෂික පලතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6 ක්.
පසුගිය වසරේ ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.
පලතුරු අපනයනය ද 2023 වසරේ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පලතුරු මෙට්‍රික් ටොන් 38,201ක් අපනයනය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
2027 වනවිට මෙරට කෘෂිකාර්මික අංශයේ වර්ධනය සඳහා සකස් කළ සැලසුම නිලධාරීන් විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමණී රණතුංග වෙත භාරදුන් අවස්ථාවේ මෙම අදහස් පළ වුණා.
2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5ක්, පැපොල් මෙට්‍රික් ටොන් 45ක්, අන්නාසි මෙට්‍රික් ටොන් 14ක් සහ වැල් දොඩම්
මෙටි්‍රක් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඇතුළු තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග එහිදී කියා සිටියා.