මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලය පූජාභූමි වෙත සැදැහැවතුන් දස ලක්ෂයකට අධික පිරිසක් පැමිණ තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා ජාතික පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පොසොන් පොහොය දින සහ ඊට පසු දෙදින තුළ පමණක් මෙම සැදැහැවතුන් පිරිස පැමිණ ඇති බවයි.
මෙවර පොසොන් සතිය පසුගිය 18 වනදා සිට ඊයේ දිනය දක්වා ක්‍රියාත්මක වුණා.
මේ අතර මෙවර පොසොන් සමයේ පෙට්‍රල් ඉල්ලුම සියයට 50කින් පමණ ඉහළ ගිය බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් කපිල නාඔටුන්න නෙත් නිවුස් වෙත කියා සිටියේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදුකළ බවයි.