මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ඒ, නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 121ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදීයි.
අදාළ යාත්‍රාව මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මේ අතර මෙරට උතුරු මුහුදු සීමාවේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ අනතුරකින් නාවික හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කරුණු දැක්වුවා.