සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම යටතේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසවල සිදු කළ මෙහෙයුම්වලදීයි.
එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32, 33, 40, 44, 62 යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් හත් දෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
එම සැකකරුවන්ට අපරාධ සඳහා සහය දැක්වූ තවත් සැකකරුවන් 27 දෙනෙකුද එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.