හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් වශයෙන් සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුවයි.
දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරීත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ අනෙකුත් කාර්යයන් සඳහා කමිටුවක් පත් කර ඇත්තේ ගුවන් හමුදාව, ගුවන් සේවා අධිකාරිය, සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතත්වයෙන් යුතුවයි.