Friday, February 28, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය



පැරිස් සමාජය සහ විදේශීය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම හෙට දිනයේ සිදු කිරීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මේ අතර ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් මිදුණු බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් යොමු වුණා.

ඊට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.