Friday, February 28, 2025

General line - 0115112241

A9 මාර්ගයේ මාරක රිය අනතුරක් - තිදෙනෙකු මරුට



මාන්කුලම පොලිස් වසමේ මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ආපදාවට ලක්ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා කරමින් සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම අවස්ථාවේ එම දිසාවෙන්ම පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අදාළ බස් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී බස් රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.