Friday, February 28, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු යාපනයේදී STF අත්අඩංගුවට



දීර්ඝ කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මාන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය, මුට්ටාස් කඩ හන්දිය ඉන්ධන පිරවුම්හල අසල සිදු කළ  වැටලීමකදීයි.

එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28යි මිලි ග්‍රෑම් 830ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි ඌරලු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන යාපනය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විෂේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.