ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබඳ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර අද විශේෂ සටහනක් තබා තිබෙනවා.
ඒ, සිය එක්ස් ගිණුම හරහායි. එහි දැක්වෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජය සතු වෙනම ආයතනයක් ලෙස පිහිටුවනු ඇති බවයි.
ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධන මිල, ගුණාත්මක බව, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩු කර ගැනීමේ අරමුණින්.
ඒ සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ඉහළ නැංවීම සඳහා රජය සතු එහෙත් වෙනම ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේවෙතත් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඉකුත් දා එක්වූ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම පිළිබඳව පළ කළේ මෙවන් අදහසක්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට සිටින සේවක පිරිස සහ වැටුප් ව්‍යුහයද සංශෝධනය කිරීමට නියමිතයි.
මීට අමතරව බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවක්ද නිර්මාණය කරනු ඇති.