ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු බිඳ වැටී ඇති බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙනවා.
මේ, දකුණේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.
දකුණේ මෙන්ම උතුරේ පාසල්වලද අද දිනයේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු වී නැහැ.
මේ, නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.
බදුල්ලේ පාසල්වලද අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු නොවන බව නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවා.
වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් දෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ලංකා ගුරු සංගමයේ වෘත්තීය ලේකම් ආනන්ද වීරසිංහ පැවසුවේ.
මේ අතර අද පැවැත්වෙන ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, ඇතුළු සාමාජිකයින් පිරිසක් වෙතයි.
ඒ අනුව අද උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර ඇතත් සිය විරෝධය සිදු කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේ.
මේ අතර ගුරු-විදුහල්පති විරෝධතා හේතුවෙන් කොළඹ - කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අද දහවල් අවහිර වී තිබුණා.