රාජ්‍ය සේවයේ ඇතැම් අංශවල සේවකයින් අඩු කිරීම හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් තොරව රටේ අර්බුදයට විසඳුමක් නොමැති බව ජාතික ජනතා පක්ෂයේ ප්‍රචාරක ලේකම් සංජය මහවත්ත පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින්.
මෙම වැඩසටහනට එක් වූ මව්බිම ජනතා පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු සහ ව්‍යවසායකයෙකු වන හරේන්ද්‍ර මහකුමාර පැවසුවේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට දේශපාලනය වගකිව යුතු බවයි.
කෙසේවෙතත් වැඩසටහනට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක පැවසුවේ චෝදනා එල්ල කරන තරම් රාජ්‍ය සේවය අකාර්යක්ෂම නොවන බවයි.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.