පුල්මුඩේ අරසිමල වෙරළෙහි ඉදි කරන ලද තපස්සු භල්ලුක මහා සෑරදුන් ගෞතම සම්මා සම්බුදු සසුනට දායාද කිරිමේ පුණ්‍ය මහෝත්සවය අද දින පෙරවරුවේ යේදී තිබු සුබ නැකතෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
අරසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ පනාමුරේ තිලකවංශ නායකස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ආශා මිනරල්ස්පුද්ගලික සමාගමේ සභාපති තුෂාන් ප්‍රනාන්දුගේ පූර්ණදායකත්වයෙන් මෙම පිංකම සිදු කර තිබෙනවා.