කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට දිනයේද ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී අද දහවල් පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කලා.
ගුරු - විදුහල්පතිවරුන් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණේ වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.