රත්රන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා සිරුරේ, ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ලාංකිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 632ක් බරැති, රත්තරන් ජෙල් ගුලි 22ක් වූ එම රත්රන් ජෙල්වල වටිනාකම රුපියල් කෝටි 18ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ, මූතූර්, කොළඹ - 10, කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
අදාළ සැකකරුවන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔවුන් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.