රට තුළ ආර්ථික අර්බුධයක් පැවති පසුගිය දෙවසර තුළද, ගෙවිය යුතු විදේශ ණය වලින් අඩක් එනම් සියයට 50 ක් අඛණ්ඩව ආපසු ගෙවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2022 වසරේදී ඩොලර් බිලයන 05 ක් සහ 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 06 ක් ආපසු ගෙවීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් අදහස් පළ කළා.
මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි.
කෙසේවෙතත් “ආරංචිය සුබයි” යන තේමාවෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මෙවන් අදහසක්.
ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්සද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ මෙවන් අදහසක්.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණා.
ඒ, ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීමටයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කර ඇති අතර කැබිනට් රැස්වීම විනාඩි 15කට සීමා වී තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
එම විශේෂ ප්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් නිවුස් ෆේස් බුක් පිටුව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.