2048 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ ණය ගෙවීමට දීර්ඝ කාලීන සහන කාලයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, ඊයේ රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ දල දේශීය නිෂ්පාදිතයෙන් විදේශීය ණය ගෙවීමට වෙන් කළ මුදල ඉදිරියේදී අඩු වීමට නියමිත බවයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක වීමත් සමග නතර වී ඇති විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති යළි ආරම්භ වනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
බංකොළොත් තත්ත්වයේ සිටි රටක් වසර දෙකක් තුළ ලැබූ ජයග්‍රහණය සුවිශේෂී බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
යළි කිසිදිනක ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අවශ්‍ය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
රට මුහුණ දී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම් ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දුන් තමන් සමග එක්වී රට ඉදිරියට ගෙන යනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතීමෙන් පසු ප්‍රදේශ කිහිපයක ජනතාව වීදි බැස සිය ප්‍රීතිය පළ කළා.
ඇතැම් පිරිස් රතිඤ්ඤා දල්වමින්, රබන් වයමින්, කිරිබත් ද අනුභව කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.