පවතින අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා බොහෝ ප්‍රදේශවල පාසල්වල දරුවන් අද උදෑසන පාසල් වෙත පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
ඒ, ගුරු විදුහල්පතිවරුන් අද දිනයේත් අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන අතරතුරයි.
එහෙත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කර නොතිබූ බොහෝ පාසල්වල දරුවන් යළි නිවෙස් බලා ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නියැලි සිටින ගුරුවරුන් අද දිනයේ තැපැල් කාර්යාල වෙත පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට විදුලි පණිවිඩ මගින් අසනිප නිවාඩු වාර්තා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.