Monday, March 31, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ලබන සතියේ එයි - ණය කැපීමක් නෑ - කල් දැමීමක් පමණයි



විදෙස් ණය හිමියන් සමග ඇති කර ගත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ලබන දෙවනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහලතකරණය වන ආකාරය පැහැදිලි කරනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජාතිය අමතමින් පැවසුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 10 ක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම සිදු වනු ඇති.

ප්‍රාග්ධනය සඳහා සහන කාලසීමාවන් ලබාදීම ද ඊට ඇතුළත්.

එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් සහ අනාගතයේ දී ණය ගෙවීමේ හැකියාව වැඩිදියුණු වන තෙක් කෙටි කාලීනව ශ්‍රී ලංකාව සඳහා පවතින ගෙවීම් බර මෙහිදී අඩු කර තිබෙනවා.

කෙසේවෙතත් ණය කපා හැරීමක් සිදු වන බව එහිදී ප්‍රකාශ වී නැහැ. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විදෙස් ණය කපා හැරීමක් සිදු වෙයිද?

මේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ.

මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව, වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවන්ට පැමිණීම කඩිනම් කරනු ඇතියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ සියලු ණය ගෙවීමට 2043 වර්ෂය දක්වා දීර්ඝ කාලීන සහන කාලයක් ලැබෙනු ඇති බවයි.

ද්විපාර්ශ්වික විදෙස් ණය වාරික ගෙවීමට ඇති කාලය 2028 වසර දක්වා කල් දමා ගැනීමට හැකි වනු ඇති බවද එහිදී ප්‍රකාශ කෙරුණා.