ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද සහ හෙට සියලු රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි.
රෙජිස්ටාර් නිලධාරීන්ද මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
රෙජිස්ටාර් සේවයේ නිලධාරී සංගමයේ සභාපති සමන් ජයවර්ධන පැවසුවේ 2005 වසරේ සිට වසර 19ක් කිසිදු විධිමත් බඳවාගැනීමක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද අදත් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා බොහෝ ප්‍රදේශවල පාසල්වල දරුවන් අද උදෑසන පාසල් වෙත පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
කෙසේවෙතත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කර නොතිබූ බොහෝ පාසල්වල දරුවන් යළි නිවෙස් බලා පිටත්ව ගියා.