බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක් සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක්, හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින්ද සිය අත්අදැකීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය මගින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ, වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටියේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ගමන් ගත් එකම පවුලේ පිරිසක්.
මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා එහි ගමන් කර තිබෙනවා. අනතුරින් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නැහැ.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ බස් රථයකට ඉඩ දීමට යාමේදි මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරළී අදාළ අනතුර සිදු වී තිබෙනවා.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි ද සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මත්පැන් පානය කරමින් මගී බස් රථයක් පැදවූ රියදුරෙකු බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ පානදුර සිට හොරණ දක්වා ගමන් ගත් මගී බස් රථයක රියදුරෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
අදාළ බස් රථයේ මගීන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් රියදුරු පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ඔහු ලබන 15 වනදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.