ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා තිබෙනවා.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කිහිපදෙනෙකු විසින්.
කොට්ටාව, මාකුඹුර හන්දියේ නිතිවිරෝධී විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයට ලද තොරතුරක් මතයි එම වැටලීම සිදු කර ඇත්තේ.
අදාළ ආයතනය මගින් රුමේනියාව, ඇල්බේනියාව, සයිප්‍රස් යන රටවල රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධියට අදාළව ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකු බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක්, රැකියා අයදුම්පත්, වීසා ලේඛන ඇතුළු තවත් ලේඛන විශාල ප්‍රමාණයක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.