Saturday, March 1, 2025

General line - 0115112241

ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් පැවරීමට අදාළව නිකුත් කර තිබූ අතුරු තහනම ඉවතට

උදය කුමාර 



ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් දැනට තෝරාගෙන තිබෙන අයදුම්කරුවන්ට පැවරීමට අදාළ ඉදිරි කටයුතු සිදුකිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද  තීන්දු කළා.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් විසින් මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ලයිකා ලීසින් හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ලංකා හොස්පිටල් සමාගමේ කොටස් දැනට තෝරාගෙන සිටින අයදුම්කරුවන්ට පැවරීමට අදාළ කටයුතු කරගෙන යාම වළක්වාලමින් මීට පෙර තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.