Monday, March 31, 2025

General line - 0115112241

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් 



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින්.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් මීට නොබෝ වේලාවකට පෙර එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.