Sunday, April 20, 2025

General line - 0115112241

විභාග දෙපාර්තමේන්තුවට ගිය පිරිසක් පීඩාවට



සහතික පත්‍ර ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට ගිය පිරිසක් පීඩාවට පත්වූ සිද්ධියක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අදාළ සහතික පත් ලබාගැනීමට ඊයේ දිනයේ තමන් ඇතුළු බොහෝ පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට ගියද තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීමට නොහැකි වූ බවයි ඔවුන් පැවසුවේ.

විදුලි කප්පාදුවක් පැවතීම හේතුවෙන් ඊයේ දිනයේ සහතික නිකුත් නොකරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසූ බව පීඩාවට පත් වූ ශිෂ්‍යාවක් නෙත් නිවුස් වෙත කියා සිටියා.