Monday, March 31, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය



ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කර තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත පසුගිය  අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව පසුගිය 2024 ජූනි 6 වනදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් පසු වැඩි ඡන්ද 44 කින් පනත් කෙටුම්පත සම්මත වුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 36 දරන ශ්‍රී  ලංකා විදුලිබල පනත ලෙස බලාත්මක වනවා.