Saturday, March 1, 2025

General line - 0115112241

කුරියර් එකෙන් ආව මත්ද්‍රව්‍ය පාර්සල් 6ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයෙන් අත්අඩංගුවට



ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක  සිදු කල සෝදිසි මෙහෙයුමකදී  කොකේන් ,කුෂ් ,ගංජා අසුරන ලද පාර්සල් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක  තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 6 පරීක්ෂණ කටයුතු සඳහා නවත්වා පරික්ෂා කර තිබුනා.

මෙම  පාර්සල් කැනඩාව හා ඇමරිකාවේ   සිට කොළඹ , කඩවත යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුන අතර පසුව සොයා බැලීමේදී එම ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවයි අනාවරණය වී තිබෙන්නේ 

විවෘත කරන ලද පාර්සල්  තුළ cocaine  නැමැති මත් ද්‍රව්‍ය 2030 g හා kush නැමැති ගංජා විශේෂය 2177 g, ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර  මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 190 කට ආසන්න බව තහවුරු කරගෙන තිබෙන්නේ.

 මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව  මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ  මෙම මත්ද්‍රව්‍ය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය  මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතයි.