ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ජය ගැනීමට නොහැකි බව එම පක්ෂයේ ප්‍රබලයෙකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකට කැඩී යන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පැවසුවා.