මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ගණන අද දහවල් දස ලක්ෂය ඉක්මවා ගියා.
ඒ අනුව දස ලක්ෂය පසුකරමින් සංචාරකයන් ලෙස දිවයිනට පැමිණියේ අයර්ලන්ත යුවළක් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
ඔවුන් ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී නිලධාරීන් විසින් එම යුවළ මහත් හරසරින් පිළිගනු ලැබූ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.