Saturday, March 1, 2025

General line - 0115112241

රටේ ජනවතවගේ බලාපොරොත්තුව අනුරගේ කටින් එලියට පනී



රට තුළ සිටින සියලුම ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

පවතින දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව නැඹුරුවීම මේ වන විටත් අඩු මට්ටමක පවතින බවයි කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.


ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් රජය නියෝජනය කරන ඇමතිවරු මෙන්ම ආණ්ඩුකාරවරුන් මුදල් ප්‍රතිපාදන වෙන්කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

අදාළ මුදල් වෙන්කර ගනිමින් සිටින වැඩසටහන් නතර කර එම මුදල් පාසල් පද්ධතියට යොමුකරන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශිකයන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමට තම පක්ෂයට හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.

     
වැඩවර්ජන සිදුකරන කිසිදු කණ්ඩායමක් රජය මර්ධනය නොකරන බවත් සියලුම වෘත්තිය සමිතිවල වගකීම රට ගොඩ නැගීමට එක්වීම බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ.