ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සදහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදාහැරියහොත් පමණක් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමටයි රජයේ මුද්‍රණාලය තීරණය කර ඇත්තේ.
එමෙන්ම මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතු බව රජයේ මුද්‍රණාලය පැවසුවා.
එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු පමණ ආරක්‍ෂාවට අවශ්‍ය බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රමාණවත් සේවකයින් සහ ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීමටද අවශ්‍ය බව රජයේ මුද්‍රණාලය වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.
ඉන් අනතුරුව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදු කරන බවයි ඔහු කියාසිටියේ.