මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කිරීමෙන් දිවි බේරුණු එකම ධීවරයා නාවික හමුදා “විජයබා” නෞකාව භාරගෙන තිබෙනවා.
“ඩෙවෝන් 05” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු එම දියරය පානය කර තිබුණා.
ඔවුන්ගෙන් සිව් දෙනෙකු එම ධීවර යාත්‍රාව තුළදීම ජීවිතක්ෂයට පත්වුණා.
සෙසු ධීවරයන් දෙදෙනා විදෙස් නෞකාවක් විසින් මුදාගෙන ඇති අතර එහි සිටි තවත් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
විජයබාහු නෞකාව වෙත භාරගත් දිවි බේරුණු ධීවරයාගේ සහ අනෙක් ධීවරයාගේ මලසිරුර තවත් පැය කිහිපක් තුළ ගොඩබිම වෙත රැගෙන එන බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය වැඩිදුරටත් පැවසුවේ.