Saturday, March 1, 2025

General line - 0115112241

වැඩබලන නීතිපති දිවුරුම්දීම අද



වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අද දිවුරුම් දෙනවා.

අගවිනිසුරුවරයා ඉදිරියේ තමන් දිවුරුම් දෙන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පාරින්ද රණසිංහ පැවසුවේ.

අදාළ පත්වීම් ලිපිය ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් වෙත මේ වන විට ලැබී ඇති බවද ඔහු කියා සිටියා.

නීතිපති ධූරයේ කටයුතු කළ සංජය රාජරත්නම් පසුගිය 26 වනදා විශ්‍රාම යාමෙන් අනතුරුව එම ධූරය පුරප්පාඩු වුණා.

ඒ අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඉදිරියේදී නීතිපති ධූරය සඳහා නිලධාරියෙකු පත්කරනු ඇති බවයි ජනාධිපති නීතීඥ යූ ආර් සිල්වා පැවසුවේ.