බස් ගාස්තු සංශෝධනය වන ආකාරය අද දහවල් ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුව අද සිට බස් ගාස්තු සියයට 05කින් අඩුකරන බව බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළා.
එහෙත් බස් ගාස්තු අඩුවන ආකාරය ප්‍රවාහන බලධාරින් විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි බස් සංගම් පැවසුවේ.
ඒ අනුව නව බස් ගාස්තු පිළිබඳ දැනුම්දෙන තෙක් සියයට පහකින් ගාස්තු අඩු නොකරන බව බස් සංගම් පැවසුවා.
මේ අතර පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් පෞද්ගලික බස් රථ ඉවත් කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.
දුම්රිය රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.