Saturday, March 1, 2025

General line - 0115112241

කතරගම දේවාලයේ කපු මහතෙකුට එරෙහිව පොලිස් විමර්ශන

එම් කේ නන්දසේන



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහතෙකුට එරෙහිව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඔහුගේ සොහොයුරෙකුට පහර දීමේ සිද්ධියකට අදාළවයි.

පහර කෑමට ලක් වූ පුද්ගලයා එම දේවාලයේම සහයෙකු ලෙස කටයුතු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කතරගම මහ දේවාලය ඉදිරිපිට ඝණ්ඨාර කුළුණ අසලදී එම කපු මහතා විසින් අදාළ සොහොයුරාට පහර දී තිබෙනවා. තුවාල ලැබූ එම සොහොයුරා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.