ගජමුතු 03ක් අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තංගල්ල පාලම අසල සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි අනුරාධපුර, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර පුරාවස්තු සොයා කැණීම් සිදුකල සැකකරුවන් දෙදෙනෙකු තෙල්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත තෙල්දෙණිය කටුහේනවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර සහ කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.