Monday, March 3, 2025

General line - 0115112241

වසා දමා තිබූ මහනුවර මාතලේ මාර්ගය යළිත් විවෘත කරයි



අකුරණ නගරයෙන් තාවකාලිකව වසා දමා තිබූ මහනුවර මාතලේ මාර්ගය යළිත් විවෘත කර තිබෙනවා.

අකුරණ නගරයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට පැතිර යාම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.

එම ගොඩනැගිල්ලේ බිම් මහලේ බේකරි නිෂ්පාදන ආයතනයක පළමුව හටගත් එම ගින්න ඉන් අනතුරුව ව්‍යාප්ත වුණා.

අලුයම හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනිනිවීම් භටයින්, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.