Thursday, March 13, 2025

General line - 0115112241

තායිවානය ආසන්නයේ චීනය යුද අභ්‍යාසයක

චිරාන් ධර්මසේන



චීන මහජන විමුක්ති හමුදාව විසින් නැගෙනහිර චීන මුහුදේ මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

එම මහා පරිමාණ යුද අභ්‍යාස සමීපව නිරීක්ෂණය කල බවයි තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

නව ආයුධවල මුහුදු අත්හදා බැලීම් ඇතුළත් අභ්‍යාස, කලාපය තුළ නාවික අනතුරු ඇඟවීම් සහ ගුවන් සීමාවන් පැනවීමට හේතු වී තිබුණා.

ඉකුත් බදාදා අලුයම 4 සිට ඊයේ පස්වරු 6 දක්වා සිදුකල එම හමුදා අභ්‍යාසයයේදී කිසිඳු රටකට එම මුහුදු කලාපයට ඇතුළුවීම ද තහනම් කර තිබුණා.

මේ අතර වියට්නාමය වාර්තා කළේ චීනය මෙම මහා පරිමාණ හමුදා අභ්‍යාසය සිදු කරන්නේ වයඹදිග තායිවානයේ සිට නාවික සැතපුම් 100 (කිලෝමීටර් 185) ට වඩා අඩු දුරකින් බවයි.

තායිවාන මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර විධානයේ වාර්ෂික සජීවී උණ්ඩ භාවිතයෙන් සිදු කෙරෙන යුද අභ්‍යාස සඳහා පහසුකම් සැලසීම සඳහා චීනය බ්‍රහස්පතින්දා ගුවන් සීමාවන් නිකුත් කර තිබුණා