යාපනය, කොළොම්බුතූර් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසු වූ පුදුකුඩුඉරිප්පු, උඩයාට්ටු ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි යාපනය පොලිසිය සඳහන් කර සිටියේ.
ඝාතනයට ලක් වූ මෙම කාන්තාවගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු 34 හැවිරිදි සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.