Tuesday, March 4, 2025

General line - 0115112241

කරූ ජයසූරියට සභාපති ධුරයක්



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති ධූරයට හිටපු කථානාකයක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඒකමතිකව පත් කර තිබෙනවා.

එම සංසදයේ පළමු රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

එහිදී එම සංසදයේ සභාපති ධුරයට හිටපු කථානාකයක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඒකමතිකව පත් කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුමේධා ජී ජයසේනගේ යෝජනා ස්ථිරත්වයෙන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ කැඳවුම්කරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත ප්‍රේමරත්න පත් කර තිබෙනවා.