Tuesday, March 4, 2025

General line - 0115112241

පොලිස්පති පත් කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනට කල් යයි

උදය කුමාර



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

ඒ, යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.