වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක සේවා කටයුතු අද ඇණහිටියා.
මේ හේතුවෙන් කොළඹ සහ සෙසු ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලට සිය සේවා ලබා ගැනීමට පැමිණි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවුණා.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතර වී සිටින්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට වැඩිකළ රුපියල් 25,000ක දීමනාව සෙසු රජයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස බලකරමින්.
ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ සාර්ථක වූ බවයි එම වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.
හෙට දිනයේ ද සිය සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.