Tuesday, March 4, 2025

General line - 0115112241

වෘත්තීය සමිති 200ක් අදත් ලෙඩ වෙයි



වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක සාමාජිකයින් අද දිනයේ ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

ඔවුන් ඊයේ දිනයේ එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීම හේතුවෙන් දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවලින් මහජන සේවාවන් සිදුවූයේ නැහැ.

මේ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට රාජකාරි ඉටුකර ගැනීමට කොළඹ රාජ්‍ය ආයතනවලට පැමිණි ජනතාවට යළිත් සිය ගම්බිම් බලා යාමට සිදුවූයේ සිය අවශ්‍යතා ඉටුනොවූ පසුබිමක්  තුළයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතර වන්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක් දක්වා වැඩිකළ දීමනාව සෙසු රජයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස බලකරමින්.