වතුකරයේ සියළුම පාසල් වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙයි, පාසල් සියල්ල වසා දමයි.
ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් වතුකරයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලිම හේතුවෙන් හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන වතු පාසල් ඇතුළු නගර බද ප්‍රධාන පාසල් වසා දමා තිබෙනවා.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලිම සම්බන්ධයෙන් නොදත් ඇතැම් සිසු සිසුවියන් තම පාසල් වලට පැමිණ ආපසු නිවාස කරා ගිජ්‍ය බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ.
මෙයට සමගාමිව රාජ්‍ය ආයතන රැසක විධායක ශ්‍රේණියේ නොවන සෙවකයින් රැසක් ඊයේ දිනයේ ආරම්භකල අතර වෘතිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.