Tuesday, March 4, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අදත් සේවා අඩාල වෙයි

කමල් සුරවීර-පාලිත ආරියවංශ-මාධව කුලසූරිය



රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අද නිතර වන්නේ දෙවන දිනටයි.

ඒ අනුව ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද රාජ්‍ය ආයතනවලින් රාජකාරී කටයුතු සිදුනොවන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ. 

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක් දක්වා වැඩිකළ දීමනාව සෙසු රජයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස බලකරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර ගුරු විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට ද බලපෑම් එල්ලවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවා.


බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ.


උතුරු පළාතේ ද අද දිනයේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් වවුනියාව වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ.


සෙසු දිස්ත්‍රික්කවල ද වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.