අතුරුගිරියේ ටැටූ ආයතනයක සිදුකල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු හඳුනාගැනීමට පොලිසිය සමත්වී ඇතැයි වාර්තා වනවා.
ඩුබායිහි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන ලොකු පැටීගේ මෙහෙයවීම යටතේ එම සැකකරුවන් මෙම වෙඩි තැබීමට එක්ව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
හඳුනාගෙන ඇති සැකකරුවන්ගෙන් තිදෙනෙකු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.
සෙසු සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ආදාළ ඝාතනය සඳහා මෝටර් රථයක් සහ වෑන් රථයක් ඔවුන් විසින් සපයා ඇති බවයි සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මේ වනවිට හෙළිවී ඇති තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.