ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අලුතින් තේරී පත් වූ ඉරාන ජනාධිපති Masoud Pezeshkian ට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉන්දියාව සමඟ රටේ දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අලුතින් තේරී පත් වූ ඉරාන ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අගමැති මෝදි කැමැත්ත පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
සිය X ගිණුමේ සටහනක් තබමින් මෝදි පැවසුවේ “ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ලෙස ඔබ තේරී පත්වීම ගැන සුබ පැතුම් @drpezeshkian. අපගේ ජනතාවගේ සහ කලාපයේ යහපත සඳහා අපගේ උණුසුම් හා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
ප්‍රතිසංස්කරනවාදී අපේක්ෂක Masoud Pezeshkian ඉරානයේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා ගත් බව Press TV උපුටා දක්වමින් CNN වාර්තා කළා.
සිකුරාදා පැවති ඡන්ද විමසීමේ දී ගණන් කරන ලද ඡන්ද මිලියන 30.5 න්, Pezeshkian ඡන්ද මිලියන 16.3 කට වඩා ලබා ගත් අතර ඔහුගේ අතිවිශේෂ ප්‍රතිවාදියා වන Saeed Jalili ඡන්ද මිලියන 13.5 කට වඩා ලබා ගෙන තිබුණා.